2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේවල් ළඟ තබා ගැනීම ද සපුරා තහනම් බවයි.
කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් අදාළ නීති උල්ලංඝනය කිරීම සිදු කළහොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම්දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)
