යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි G - 7 සමුළුවට සහභාගි වීම සඳහා ජපානයට ගොස් තිබෙනවා.
ප්‍රංශ රජයේ ගුවන් යානයකින් යුක්රේන ජනාධිපතිවරයා හිරෝෂිමා ගුවන් තොටුපළට පැමිණ ඇති බව ජපාන මාධ්‍ය වාර්තා සඳහන් කළා.
ඊයේ (19) සෞදි අරාබියේ පැවති අරාබි ලීග සමුළුවකට සහභාගි වීමෙන් අනතුරුව ඔහු ජපානයට පැමිණ තිබෙනවා.
ලොව බලවත් රටවල නායකයින්ගේ සහභාගිත්වයෙන් ‘ජී-7‘ සමුළුව හිරෝෂිමා නගරයේ දී ඊයේ ආරම්භ වුණා.
මේ සඳහා වෙනත් රටවල නායකයින්ට ආරාධනා කර ඇති අතර ඒ අනුව යුක්රේන ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගි වීමට පැමිණ තිබෙනවා.
(colombotimes.lk)