06 July 2025

logo

ජනාධිපතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට?



ජනාධිපතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් දෙන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, අද (26) පාර්ලිමේන්තුවේදී වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින්.

එහිදී වත්මන් ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් මෙම ඉල්ලීම කර තිබුණා.

වැඩි දුරටත් ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරුන් එසේ කටයුතු කරන විට ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට එසේ කටයුතු කිරීම මගහැර යා නොහැකි බවයි.
(colombotimes.lk)