සංචාරක කර්මාන්ත පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ඒ ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ නව උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතු බවත් එහිදී ජනාධිපති සඳහන් කළා.
නුවරඑළිය, අනුරාධපුර, මහියංගනය සහ කතරගම ආදී ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන ලෙස ද මෙහිදී ජනපති විසින් ව්‍යාපාරිකයන්ට ආරාධනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)