02 July 2025

logo

නිමාලිට ලැබුණු මිල කළ නොහැකි කුසලානය



පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (20) ඩුබායි හීදි පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගය පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතයි.

එම තරගයේ පිටියේ ප්‍රධාන විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව නිමාලි පෙරේරාට හිමිව තිබෙනවා.

මෙම සුවිශේෂි අවස්ථාව හිමි වූ නිමාලි පෙරේරා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයක පිටියේ ප්‍රධාන විනිසුරුවරියක් ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික විනිසුරුවරිය ලෙස වාර්තා අතරට එක්වනු ඇති.
 
colombotimes.lk