වත්මන් ආණ්ඩුව විසින් මේ වන විට සිදු කරමින් සිටින්නේ ඉදිරි දශකයෙන් පසු රට තිබිය යුතු තැනට පත්කිරීමේ මූලික අඩිතාලම දැමීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (04) පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින්.
එමෙන්ම ඉතිහාසය අලුතෙන් ලියන්නට සහ අධ්‍යාපනයට නව ඉතිහාසයක් නිර්මාණය කිරීමට ජනතාවට ආරාධනා කරන බවද අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
