එක්සත් රාජධානියේ නිවාස නොමැතිකම අවසන් කිරීම අරමුණු කරගනිමින් විලියම් කුමරු විසින් 5 අවුරුදු වැඩ පිළිවෙලක් යෝජනා කර තිබුණා.
එම ව්‍යාපෘතිය දියත්කිරීම සඳහා ඔහු Sheffield වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නගරය ව්‍යාපෘතිය දියත්කිරීම සඳහා තෝරාගත් නගර 6න් එකක් ලෙස සඳහන්.
මෙහිදී Sheffield නගරයේ නිවාස නොමැති පුද්ගලයින්ට උපකාර කිරීමට නම් කර ඇති ආයතන සඳහා ආධාර ලබාදීම සිදුකිරීමට නියමිතයි.
මීට අමතරව විලියම් කුමරු Sheffield හි Reach Up Youth හි තරුණයින් හමුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)