16 September 2025

logo

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව උපයෝගිතා කොමිසමට



ඉදිරි මාස 03 සඳහා වන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී ඇති බව විදුලි වෘත්තීය සමිති පවසනවා.

අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වුණේ පසුගිය ජූනි මස 12වනදායි.  

එහිදී 15%කින් විදුලි ගාස්තු සංශෝධනය කර තිබෙනවා. 

කෙසේ වෙතත් විදුලි වෘත්තීය සංගම් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරන අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික කියා සිටියේ විදුලි ගාස්තු 6%කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇති බවයි.

(colombotimes.lk)