20 August 2025

logo

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව ජනපති අතට



දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. 

කථානායකවරයා සභාවට දැනුම් දුන්නේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් එනම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ බවයි. 

(colombotimes.lk)