කොළඹ පිහිටි BYD වාහන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටදී අද (04) විරෝධතාවක් පවත්වා තිබෙනවා.
ඒ BYD වාහන රේගුවෙන් මුදා හැරීමේ ප්‍රමාදයට විසඳුම් ඉල්ලමින්.
ශ්‍රී ලංකා රේගුව විසින් BYD වාහන රඳවා තබා ගැනීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එම වාහන සාමාන්‍ය පරිදි මිලදී ගැනීමට බාධා මතුවී ඇති බව එහිදී විරෝධතාකරුවන් සඳහන් කර තිබෙනවා.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ එම නිසා ශ්‍රී ලංකා රේගුව ඇතුළු වගකිව යුතු පාර්ශව මැදිහත්ව කඩිනමින් ඊට විසඳුම් ලබාදිය යුතු බවයි.
(colombotimes.lk)
