අණ නොතකා රථයක් ධාවනය කළ 17 හැවිරිදි රියදුරෙකුට ප්‍රංශයේ පොලිසිය වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ එරට ජනතාව උත්ඝෝෂණ ආරම්භ කළා.
එම උත්ඝෝෂණ දරුණු වෙමින් දෙවන දිනයටත් අඛණ්ඩව පැවැත්වෙන අතර අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Nahel M නැමැති තරුණයා වාහනය නැවැත්වීම ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට රිය පැදවීම නිසා ඔහුට වෙඩි තැබූ බවයි ප්‍රංශ පොලිසිය සඳහන් කර ඇත්තේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රැස්වීමක් පවත්වමින් ප්‍රචණ්ඩත්වය අසාධාරණ බවට පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ ඝාතනය සම්බන්ධයෙන් වෙඩි තැබූ පොලිස් නිලධාරියා අත්අඩංගුවේ පසුවන අතර,ඔහු පවසා ඇත්තේ තම ජීවිතය අනතුරේ යැයි හැඟුණු නිසා වෙඩි තැබූ බවයි.
(colombotimes.lk)