22 May 2025


පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක්



එන්නත් කිරීම සහ වන්ධ්‍යාකරණ වැඩසටහන් ඇතුළුව අයාලේ යන සුනඛයන්ගේ ගැටලුව විසඳීම සඳහා රජය වාර්ෂිකව රුපියල් මිලියන 800ක් වැය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළා.

ඒ අද (22) පාර්ලිමේන්තුවේදීයි.

සුනඛයන්ගෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයන් සඳහා ඖෂධ ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 280ක් වැය කරන බව ඔහු සඳහන් කළා.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ වසරකට ජලභීතිකා හේතුවෙන් මරණ 20-30 අතර සංඛ්‍යාවක් සිදු වන බවයි.
 
(colombotimes.lk)