රුපියල් කෝටි 05ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05 ග්‍රෑම් 92ක් රැගෙන කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පිටව යාමට උත්සහ කළ සැකකාරියක් සහ සැකකරුවෙක් අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 29ක් වන කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 48ක් වන ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි විදේශිකයෙක්.
ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදීගෙන ඉන්දියාවේ නව දිල්ලි නුවර වෙත පැමිණ අද (23) උදෑසන ඉන්දීය ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)