01 July 2025

logo

ඉරාන ප්‍රහාරයෙන් සිදුවූ හානිය ගැන කටාරය නිවේදනය කරයි



කටාර් රාජ්‍ය නිවේදනය කළේ අල් උඩෙයිද් ගුවන් කඳවුර ඉලක්ක කරගත් මිසයිල ප්‍රහාරයක් වළක්වා ගත් බවත් කිසිදු හානියක් වාර්තා නොවූ බවයි.

කටාර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ තම ගුවන් ආරක්ෂක පද්ධති අල් උඩෙයිද් ගුවන් කඳවුර ඉලක්ක කරගත් මිසයිල සාර්ථකව වළක්වා ගත් බවයි.

එරට ආරක්ශක අමාත්‍යාංශය පවසන්නේ මෙම සිදුවීමෙන් කිසිදු මරණයක් හෝ තුවාලයක් සිදු නොවූ බවත්, 'සන්නද්ධ හමුදාවන්ගේ සුපරීක්ෂාකාරීත්වය සහ ගනු ලැබූ පූර්වාරක්ෂාව' යන කරුණු අගය කරන බවයි.

කටාර් ගුවන් අවකාශය සහ භූමිය ආරක්ෂිතව පවතින බවත්, ඕනෑම තර්ජනයකට මුහුණ දීමට තම සන්නද්ධ හමුදා සම්පූර්ණයෙන්ම සූදානම් බවත් අමාත්‍යාංශය කටාර් මහජනතාවට සහතිකයක් දී තිබෙනවා.

(colombotimes.lk)