කටාර් හි සමාගම් තුනක් සහ ඉරාකයේ ජාතික ආයෝජන කොමිසම එක්ව ඩොලර් බිලියන 9.5 ක් වටිනා ව්‍යාපෘති සංවර්ධනය කිරීමට එකඟ වී තිබෙනවා.
මෙම ව්‍යාපෘති හරහා මෙගාවොට් 2,400 ක විදුලි බලාගාර යුගලයක් ඉදිකිරීම ද නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම බලාගාර දෙකට අදාළව වසර 25ක රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
එය ඉදිකිරීමට ඩොලර් බිලියන 2.5ක් වැයවන බව සඳහන්.
(colombotimes.lk)