සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු එක්දින තරගය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස් කිරීමට සමත්වුණා.
එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී පන්දු 117කින් ලකුණු 93ක් රැස් කළා.
එමෙන්ම ඉනිම අවසාන භාගයේදී පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ පන්දු 12කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 25ක් රැස් කිරීමට සමත්වුණා.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 272ක්.
(COLOMBOTIMES.LK)
