27 January 2026

logo

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට වැඩ වර්ජනයකට සැරසෙයි



රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (28) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වීමට තීරණය කර තිබෙනවා. 

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන කාලය තුළ විකිරණ පරීක්ෂණ, CT පරීක්ෂණ, MRI පරීක්ෂණ, mammogram පරීක්ෂණ සහ ශල්‍යාගාරවල විකිරණ භාවිත කරමින් කරන සැත්කම් සියල්ල හෙට (28) අඬාල වීමට නියමිත බවයි.

පසුගිය 21වනදා දියත් කළ එක්දින වැඩවර්ජනයට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)