වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද (22) සිට එළැඹෙන 27වනදා දක්වා විදේශගතවීම හේතුවෙන් ඔහු නැවත ලංකාවට පැමිණෙන තුරු ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.
(colombotimes.lk)
