16 October 2025

logo

දුම්රිය මගීන්ට හදිසි දැනුම්දීමක්



කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදු වූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

අද (20) උදෑසන කොළඹ දක්වා ධාවන වන දුම්රියන් මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන අතර කොළඹ සිට ධාවන වන දුම්රියන් ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේනතුව සඳහන් කළා.

උදෑසන 7.00 පමණ වන විට එක් දුම්රිය මාර්ගයක ධාවන කටයුතු සිදුකිරීමට හැකි වනු ඇති බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.
(colombotimes.lk)