20 August 2025

logo

දුම්රිය නියාමකවරු වැඩ වර්ජනයකට සැරසෙයි



වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට ලංකා දුම්රිය නියාමක සංගමය තීරණය කළ බව ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ. ඩී. ඩී. ප්‍රසාද් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේදී නිවැරදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර නොගතහොත් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)