05 December 2025

logo

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාලසීමාව දීර්ඝ කරයි



පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාලසීමාව දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව මගී ජනතාවට නොවැම්බර් මස අවසන් වන වාර ප්‍රවේශපත්‍ර මඟින් දෙසැම්බර් මස 07වන දින දක්වා ගමන් කිරීමේ පහසුකම් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

දෙසැම්බර් මාසයට අදාළ සියලුම වාර ප්‍රවේශපත්‍ර දෙසැම්බර් 14වනදා දක්වා නිකුත් කිරීම දීර්ඝ කර තිබෙනවා.
 
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාසල් වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලය පමණක් දෙසැම්බර් මස 19වනදා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවයි. 

(colombotimes.lk)