දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක පවසන්නේ කොළඹ පිහිටි ස්ථාන දෙකකින් දුම්රිය ධාවනය නොවන බවයි.
වැටුප් සංග්‍රහයක් ලබා නොදීම, උසස්වීම් සහ බඳවා ගැනීම් ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය දියත් කළ බව ඔහු සඳහන් කරන්නේ.
(colombotimes.lk)
