අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරුකිරීම් සහ උසස්වීම් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීමක් කථානායක ජගත් වික්‍රමරත්න ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කථානායකවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
අධිකරණයට ඇඟිලි ගැසීමට ව්‍යවස්ථාදායකයට බලයක් නොමැති බව එහිදී කතානායකවරය සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි කමිටුවක් පිහිටුවීම බලතල බෙදීමේ ව්‍යවස්ථාමය මූලධර්මය උල්ලංඝනය කරන බවයි.
(colombotimes.lk)
