11 January 2026

logo

2030 අපනයන ආදායම ගැන ඉඟියක්



'ශ්‍රී ලංකා එක්ස්පෝ 2026' ජාත්‍යන්තර ප්‍රදර්ශනය ඊයේ (09) කොළඹදී නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන්.

එය 2026 ජුනි 18-21වනදා දක්වා කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනාගාරයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කර්මාන්ත ක්ෂේත්‍ර 24ක් ආවරණය කරමින් මෙය සංවිධානය කර ඇති අතර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ඇතුළුව අපනයනකරුවන් 750දෙනෙක්, ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ආයෝජකයන් 1500දෙනෙක් මෙම ප්‍රදර්ශනයට එක්වීමට නියමිතයි.

'ශ්‍රී ලංකා එක්ස්පෝ 2026' ප්‍රදර්ශනය මඟින් මෙරට ආර්ථිකය ශක්තිමත් කර 2030 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් ලබා ගැනිමේ ජාතික අරමුණ ඉටුකර ගත හැකි බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ප්‍රකාශ කළා.

(colombotimes.lk)