11 January 2026

logo

2026 වසරේ විභාග පැවැත්වෙන දින ගැන දැනුම්දීමක්



2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතයි. 

මේ වසරේ පළමු විභාගය ලෙස සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2025 විභාගය ජනවාරි මස 11වනදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.

එම විභාග දින පහතින්,

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2026.01.11

අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ උසස් පෙළ ඉතිරි විෂයන් - 2026.01.12 සිට 2026.01.20 දක්වා 

2025 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය - 2026.02.17 සිට 2026.02.26 දක්වා 

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2026.08.09

2026 අ.පො.ස උසස් පෙළ විභාගය - 2026.08.10 සිට 2026.09.05 දක්වා 

2026 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය - 2026.12.08 සිට 2026.12.17 දක්වා 

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (2027 උසස් පෙළ විභාගයට පළමුවරට පෙනී සිටින සිසුන් සඳහා පමණි ) - 2026.10.24 


(colombotimes.lk)