11 January 2026

logo

බදුල්ලට කුඩා නගර ව්‍යාපෘතියක්



බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානම සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වන කුඩා නගර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. 

ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම් ස්ථාන 68%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන තිබෙන බවයි. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ ඌව පළාත් සභාව සිදු කළ පරික්ෂාවකින් අනතුරුව මෙලෙස හඳුනාගෙන තිබෙනවා. 

ඌව පළාත් ප්‍රධාන ලේකම්වරිය සඳහන් කළේ මේ අනුව කුඩා නගර ව්‍යාපෘතිය යටතේ සිදු කරන පළමු ව්‍යාපෘතිය ස්ප්‍රින්වැලි නගරය කෙන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බවයි.

(colombotimes.lk)