18 November 2025

logo

ඉදිරි දිනවල පළාත් 03කට වැසි වැඩි වෙයි



දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවයි. 

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
 
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. 

(colombotimes.lk)