24 August 2025

logo

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි. 

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර තිබෙනවා.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පුද්ගලයන් දස දෙනෙක් මෙම සංචාරයට සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. 

හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.  


(colombotimes.lk)