24 August 2025

logo

රනිල්ගේ නඩුව විභාග කිරීම පැය භාගයකට කල්යයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන නඩුව මේ වන විට අධිකරණය තුළ විභාග වෙමින් පවතිනවා.

එම නඩුව විභාග කිරීම මිනිත්තු 30කට කල් තබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඔහු අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.

ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

ඔහු එම සංචාරය 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පුද්ගලයන් දස දෙනෙක් මෙම සංචාරයට සහභාගී වී තිබෙනවා. 

අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගැනුණා.
 
හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.  

(colombotimes.lk)