06 July 2025

logo

රනිල් CIDයට එයි



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. 

ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්. 

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් CIDය හමුවේ ප්‍රකාශ ලබාදී තිබෙනවා. 

(colombotimes.lk)