හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.
ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පුද්ගලයන් දස දෙනෙක් මෙම සංචාරයට සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)