06 May 2026

logo

වනිඳුගේ තැන රෂීඩ් ඛාන්ට



නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය හිමි කරගෙන සිටි වනිඳු හසරංග තෙවන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් දැක්වූ දක්ෂතා සමඟින් ඔහු පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පත්වීමත් සමඟයි.

මීට පෙර රෂීඩ් කාන් මෙම ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ රැඳී සිටියා.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ තවදුරටත් හිමි කර ගැනීමට ඉන්දීය ක්‍රීඩක වරුන් චක්ක්‍රවර්ති සමත් වී තිබෙනවා.

(COLOMBOTIMES.LK)