02 July 2025

logo

ඉන්දීය නිළි රශ්මිකා මන්දනා තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි



Deepfake වීඩියෝවක ඉලක්කයක් වූ ඉන්දීය නිළි රශ්මිකා මන්දනා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

ඒ, එවැනි ව්‍යාජ වීඩියෝ Share කිරීමෙන් වළකින ලෙසයි.

එවැනි වීඩියෝ මඟින් තමන්ට හිරිහැර කරන පුද්ගලයින්ට එරෙහිව නැගී සිටින ලෙස ඇය තරුණියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මීට අමතරව මෙවැනි සිදුවීම් සාමාන්‍යකරණය නොකරන ලෙස ද ඇය පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, Deepfake වීඩියෝව හේතුවෙන් තමන් මුහුණ දුන් තත්ත්වය අතිශයින්ම බියකරු බවයි.

බ්‍රිතාන්‍ය-ඉන්දියානු කාන්තාවක් විසින් සිය ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවකට රශ්මිකා මන්දනාගේ රුව එක් කිරීම හේතුවෙන් ඇය මෙම සිදුවීමට මුහුණ දී තිබුණා.
(colombotimes.lk)