හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් යොදාගෙන පෞද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙම නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක් හමුවේ නඩු පවරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පසුගිය නොවැම්බර් 19වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට එංගලන්තයේදී ප්‍රකාශ කිහිපයක් ද ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
