08 January 2026

logo

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 02ක ස්ථාන 03ක් සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ස්ථානවල නායයෑමේ අවධානම් පවතින බවයි.  
 
මේ අතර දිස්ත්‍රික්ක 03ක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ තවත් දිස්ත්‍රික්ක 4ක් සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු අඟවා තිබෙන බවයි. 



(colombotimes.lk)