25 December 2025

logo

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ඇරඹේ



2023 වසරට අදාළව පැවැත්වුණු අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද ආරම්භ කළා.

පෙරේදා පිළිතුරුපත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු අද දක්වා කල් දැමුණු බවයි විභාග කොමසරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ.
(colombotimes.lk)