01 June 2026

logo

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත වෙයි



ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වී  තිබෙනවා.

පසුගියදා පැවති මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසි වාරයේදී ඡන්දයකින් තොරවම අදාළ යෝජනාව සම්මත කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊට අදාළව ශ්‍රී ලංකාව පිළිබඳ සිදු කරන ක්‍රියාදාමය තවත් වසර 02කට දීර්ඝ කර තිබෙනවා.

එම යෝජනාවට රටවල් 22ක් සම අනුග්‍රාහකයන් ලෙස අත්සන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව අත්සන් තබා තිබෙනවා.

එමෙන්ම අතිරේක අනුග්‍රාහකයන්ගෙන් බහුතරයක් යුරෝපීය රාජ්‍යයන් වන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)