චීන ජනාධිපති ෂී ජින්පින් ඒකාධිපතියෙක් බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එල්ලකළ චෝදනාවට චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
චීන බලධාරීන් පවසන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය 'විකාර, ප්‍රකෝපකාරී' එකක් බවයි.
එමගින් දෙරට අතර සංහිඳියාව තවත් පළුදු විය හැකි බව චීනය පවසනවා.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දේශපාලනික වශයෙන් වෛරී සහගත බවත් වගකීම් රහිත බවත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළා.
(colombotimes.lk)