දුම්කොළ සහ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයන් 22,000ක් පමණ මිය යන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීන් පවසනවා.
ඔවුන් කියා සිටියේ වසරකට රුපියල් බිලියන 225 - 240ත් අතර මුදලක් මෙමඟින් අහිමි වන බවයි.
දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සම්බන්ධයෙන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කළ ආයතනික සමාලෝචනයේදී කරුණු දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මෙම තත්ත්වයෙන් මූලිකවම මිදීමට අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන ඇතුළත් කරමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පසුගිය 21වනදා පාර්ලිමේන්තුවේදී රැස්වී තිබෙනවා.
(colombotimes.lk)
