වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 713දෙනෙක් මියගොස් තිබෙනවා.
පොලීසිය සදහන් කළේ එම පුද්ගලයන් මාරක රිය අනතුරු 685කින් මියගොස් තිබෙන බවයි.
එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරු 31ක අඩුවීමක් වාර්තා වී තිබෙනවා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ගිය වසරේ රිය අනතුරු 713කින් පුද්ගලයන් 744දෙනෙක් මියගොස් තිබෙන බවයි.
මේ අතර උත්සව සමයේ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 105දෙනෙක් මියගොස් තිබෙනවා.
ඔවුන් මාරක රිය අනතුරු 103කින් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එම කාලය තුළ රිය අනතුරු 934 සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළා.
පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව මේ වසරේදී රිය අනතුරු 23ක අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව ගිය වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 126කින් 128දෙනෙක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)