11 February 2025


සහල් වැඩි මිලට අලෙවි කරන්නන් සොයා අඛණ්ඩ මෙහෙයුම් තවදුරටත්



සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා අදත් (11) මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ දිස්ත්‍රික්කවල වැටලීම් සඳහා අතිරේක කණ්ඩායම් යොදවා ඇති බවයි.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් රැසකට නඩු පැවරීම හා දඩ නියම කිරීමට කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළා.

(colombotimes.lk)