වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටට මේ වන විට කැරලි මර්දන කණ්ඩායම් කැඳවා තිබෙනවා.
මේ වන විට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව ද දැඩි කර තිබෙන බවයි වාර්තා වන්නේ.
වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
එම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන් ද එක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පසුගිය 17වනදා මධ්‍යම රාත්‍රීයේ සිට මෙම වැඩවර්ජනය ආරම්භ කළා.
මෙම වර්ජනය හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)