ආහාර තත්ව පාලන රසායනාගාර රැසක කටයුතු අඩාල වීම හේතුවෙන්, පරිභෝජනය සඳහා මුදා හැරෙන අහාර පිළිබඳ පරීක්ෂාවන් රැසක් මේ වන විට අඩාල වී තිබෙනවා.
මේ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළා.
ඔහු කියා සිටියේ, මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් සිදු කරන වැටලීම් පවා නිෂ්ඵල ක්‍රියාවලියක් බවයි.
බාල ඖෂධ හේතුවෙන් පීඩාවට පත්වෙමින් සිටින මහ ජනතාවට ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර මෙන්ම විෂ සහිත ආහාර හේතුවෙන් ද පීඩාවට ලක් වීමට සිදු වන බව එහිදී රවී කුමුදේශ් මහතා සඳහන් කළා.
(colombotimes.lk)