13 July 2025

logo

බෝවන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්



දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ බෝවන රෝග ව්‍යාපත්වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළේ වෛරස් උණ රෝගයක්ද මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

ඒ හේතුවෙන් ආහාර පාන මිලදී ගැනීමේදී සහ භාවිතා කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

(colombotimes.lk)