බොරැල්ල පොලිස් වසමේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී. එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අද (27) දින උදෑසන සිට එහි ඉරිතැලීම් හා ගිලා බැසීමේ අවදානමක් හා අපජලය මාර්ගයට ගලා ඒම හේතුවෙන්.
එම ස්ථානයෙහි අලුත්වැඩියා කටයුතු සිදු කරන බැවින් කොළඹ දෙසට ඇතුළු වන මංතීරු මෙලෙස වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇති විය හැකි බැවින් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිත කරන රියදුරන් හට විකල්ප මාර්ග භාවිතකරන ලෙසයි.
කොළඹින් පිටවන රථවාහන සාමාන්‍ය පරිදි ධාවනය කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)