ඇමරිකාවේ, විස්කොන්සින්හි උත්සවයක් අතරතුර නරඹන්නන් රැගෙන ගමන් කරමින් තිබූ Roller Coaster යන්ත්‍රය හදිසියේ නතර වී තිබෙනවා.
මෙය නතර වී ඇත්තේ උඩු යටිකුරුව වන අතර නරඹන්නන් එහි එල්ලී සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව එම පිරිස බේරා ගැනීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.
කාර්මික දෝෂයක් හේතුවෙන් Roller Coaster යන්ත්‍රය නතර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම පිරිස බේරා ගැනීම සඳහා තරුණයන් Roller Coaster යන්ත්‍රය දිගේ උඩට නගින අයුරු කැමරාවේ සටහන්ව තිබුණේ මෙලෙසින්.,