සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 357ක් රැස් කිරීමට සමත්වුණා.
එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව අන්ත අසරණ කළ එංගලන්ත නායක හැරී බෘක් සහ ජෝ රූට් 4වන කඩුල්ල වෙනුවෙන් පන්දු 113කින් ලකුණු 173ක සබඳතාවයක් ගොඩනැගුවා.
ඒ අනුව ජෝ රූට් නොදැවී ලකුණු 111ක් හැරී බෘක් නොදැවී ලකුණු 136ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලකුණු 358ක දැවැන්ත ඉලක්කයක් හිමි වුණා.

