රොෂාන් රණසිංහගේ ජීවිතයට තර්ජනයක් - එයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්



පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,

'කථානායකතුමනි, මේක දේශපාලනයේ නව ඉරාවක් වෙන්න ඕනේ... ඒ තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්... මාව මහ මඟ මරලා දාන්න පුළුවන්... ඒක හෙටද අදද අනිද්දා ද දන්නේ නෑ... ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි...'
(colombotimes.lk)