11 July 2025

logo

යුක්‍රේන ‘කඩාකප්පල්කාරී කණ්ඩායමක්’ රුසියාවට ඇතුළු වෙයි



දේශසීමා තරණය කළ යුක්‍රේන හමුදා 'කඩාකප්පල්කාරී කණ්ඩායමක්' තම රටට ඇතුළු වී තිබෙන බව රුසියාව පවසනවා.

මොවුන් රුසියාවේ Belgorod ප්‍රදේශයේ Graivoron දිස්ත්‍රික්කයට ඇතුළුවී ඇති බව එම ප්‍රදේශයේ ආණ්ඩුකාර Vyacheslav Gladkov පැවසුවා.

එමෙන්ම ඔහු සඳහන් කළේ, රුසියානු හමුදාව, දේශසීමා ආරක්ෂකයින්, ජනාධිපති ආරක්ෂකයින් සහ FSB ආරක්ෂක සේවය මෙම පිරිස වැටලීම කටයුතු කරමින් සිටින බවයි.

නමුත් යුක්‍රේනයේ හමුදා බුද්ධි සේවය පැවසුවේ, ඔවුන් තම රටේ කණ්ඩායමක් නොවන බවයි.

එම පිරිස විරුද්ධ මතධාරී රුසියානු කණ්ඩායමක් විය හැකි බවද වැඩිදුරටත් අදහස් දක්වමින් යුක්‍රේනය සඳහන් කළා.
(colombotimes.lk)