වැග්නර් කුලී හමුදා නායක යෙව්ගනි ප්‍රිගොෂින් ඊයේ (23) බටහිර රුසියාවේ සිදුවූ ගුවන් යානා අනතුරකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කළා.
මෙම අනතුරෙන් වැග්නර් නායක ප්‍රිගොෂින්ගේ ප්‍රධාන අනුගාමිකයා වන දිමිත්‍රි උට්කින් ද මියගොස් ඇති බව සඳහන්.
ඒ අනුව මේ වන විට අනතුර පිළිබඳ රුසියානු බලධාරීන් පරීක්ෂණ අරඹා ඇති බවයි වාර්තා වන්නේ.
පුටින්ගේ පක්ෂපාතියකු වූ වැග්නර් නායකයා රුසියාවට එරෙහි කැරැල්ල දියත් කර ඉතා කෙටි කලකට පසු මෙසේ මිය යාම බරපතළ ලෙස ජගත් අවධානයට ලක් ව තිබෙනවා.
මේ අතර, එම ගුවන්යානා අනතුරින් මියගිය සියලු දෙනාගේ සිරුරු සොයාගත් බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කළා.
(colombotimes.lk)